සැමියාට හෙරොයින් රැගෙන ආ බිරිඳ අත්අඩංගුවට

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සිය සැමියාට ලබාදීම සඳහා රහසිගව හෙරොයින් මත්කුඩු රැගෙන ආ බිරිඳක් අද (28) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

ඇය විසින් සැමියාට ලබාදීම සඳහා කුකුල් මස් පාර්සලයක් රැගෙනවිත් ඇති අතර එහි මස්කටු අතර හෙරොයින් මත්ද්‍රව්‍ය සඟවාගෙන පැමිණ ඇති බව වාර්තා වෙයි.

බන්ධනාගාර නිලධාරීන් විසින් ඒ් බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අදාළ කාන්තාව කළුතර උතුර පොලීසියට භාරදී තිබුණි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි පයාගල මුලටියන  ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

සැකකාර කාන්තාව අවුරුදු 06ක් වයසැති සිය දියණියද සමග මෙලෙස පැමිණ තිබූ බවද පොලීසිය පැවසීය.

එහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 550ක් තිබී සොයාගත් බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

Leave a Reply

Your email address will not be published.