ඛනිජ තෙල් සංස්ථාවේ විදෙස් විනිමය ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විදේශ විනිමය ආදායම් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

පසුගිය වසරට සාපේක්ෂව එම සංස්ථාවේ ඩොලර් අදායම ඉහළ ගොස් ඇති බවට නවතම අදායම් වාර්තා මඟින් අනාවරණය කර ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසුවේය.

නෞකා වෙත ඉන්ධන සැපයීමේ ක්‍රියාවලිය හරහා උපයාගන්නා ආදායම්වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර සංස්ථාවේ ඩොලර් ආදායම් ඉහළ යාමට එය ප්‍රධාන හේතුවක් වී ඇති බව සඳහන්ය.

ඊට අමතරව පසුගිය කාලය තුළ සිදුකළ දැවී තෙල් අපනයනය කිරීමේ කාර්යය හරහා ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සැලකිය යුතු ආදායමක් උපයා ඇති බව වාර්තා වේ.

මේ අතර ලෝක වෙළෙඳපොළේ තත්ත්වයන්ට අනුකූලව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිදුකරනු ලබන වියදම් මත ඉන්ධන මිල සුත්‍රය ක්‍රියාත්මක වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published.