පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දායකත්වය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයෙන් එම අධිකාරියේ පවතින දුර්වලතා කිහිපයක් හෙළිදරව් කර තිබේ.
විගණනයට අදාළ 2018 – 2022 කාලය තුළ ඉලක්කගත වැටලිම් ප්‍රමාණයට වඩා සත්‍ය වැටලීම් ප්‍රමාණය 74% සිට 56%ක් දක්වා පහත බැස ඇති බව එහි සඳහන් වෙයි.
ඒ අනුව විගණකාධිපතිවරයා සිවින් නව නිර්දේශ කිහිපයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
- ආනයනික භාණ්ඩ සම්බන්ධයෙන් තවදුරටත් උපරිම සිල්ලර මිල සහතික නිකුත් කිරීමට අවශ්‍ය භාණ්ඩ වර්ග හඳුනාගෙන එම භාණ්ඩද ඇතුළත් කර නව විධාන පැනවීම සිදුකළ යුතුය.
- උපරිම සිල්ලර මිල සහතික ලබාගැනීමට අධිකාරියට තොරතුරු ඉදිරිපත් නොකරන ආනයනකරුවන් සම්බන්ධයෙන් වෙළෙඳපොළ වැටලීම් කිරීම හා ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම විධිමත් කිරීම.
- ආනයනකරුවන් විසින් උපරිම සිල්ලර මිල සහතික ලබාගැනීමට ඉදිරිපත් කරන මිල ගණන් සඳහා අනුමැතිය ලබාදීමට පෙර අධිකාරිය එම මිල ගැන භෞතිකව පරීක්ෂා කිරීම ද අනිවාර්ය කිරීම.
- සාම්පල් පරීක්ෂාවේදී පරිභෝජනයට නුසුදුසු බවට හෝ නියමිත ප්‍රමිතිය නොමැති බවට තහවුරු වන සාම්පල් සම්බන්ධයෙන් එම වෙළෙඳුන්ට හා නිෂ්පාදකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද නොකිරීම.