වාහන ආනයන සීමා ඉවත් කිරීම ගැන සොයා බැලීමට කමිටුවක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මේ වනවිට කමිටුවක් පත්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මෙරට විදෙස් සංචිත ඉහළ යෑමත් සමග අවශ්‍යතාව පරිදි ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් නිශ්චිත කමිටුවක් මගින් මේ වන විට සිදුකරගෙන යන බවත්, අත්‍යාවශ්‍ය වාහන සහ ඒවාගේ වර්ගයන් මොනවා ද, පාවිච්චි කළ වාහන ගෙන්වනවා නම් ඒවා අවුරුදු කීයකට සීමා කරන්නේද ඇතුළු කරුණු සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published.