ආරක්ෂක ලේකම් රුසියාවේ

රාජ්‍ය ආරක්‍ෂක කටයුතු පිලිබඳ සාකච්ජා කිරීම සඳහා වන 12 වැනි ජාත්‍යන්තර හමුව ලොව පුරා රටවල් නියෝජනය කරන උසස් නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 2024 අප්‍රේල් 22 සිට 25 දක්වා රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හිදී පැවැත් විණි.ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඊට සහභාගී වූ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැටෘෂිව් යන මහත්වරු අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාව මෙම හමුවෙහි කැපී පෙනෙන සුවිශේෂී අවස්ථාවක් විය. ආරක්‍ෂක අභියෝගයන්ට මුහුණ දීම සඳහා මෙන්ම කලාපීය සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව සහ සාමුහිකත්වය වැඩිදියුණු කිරීමේ වැදගත්කම මෙම හමුවේදී අවධාරණය කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published.