වීසා ගාස්තු වැඩි වීමෙන් අවාසි රැසක්

ශ්‍රී ලංකාව සංචාරක වීසා සඳහා අයකරන ගාස්තුව ඉහළ යෑම නිසා ඉදිරියේදී මෙරට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 50 කින් පමණ අඩු වීමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකා සංචාරක නියෝජිත ආයතන සම්මේලනය පවසයි.

ශ්‍රී ලංකා සංචාරක නියෝජිත ආයතන සම්මේලනයේ සභාපති නිෂාද් විජේතුංග මහතා පැවසුවේ ශ්‍රී ලංකාව අද වන විට සංචාරක වීසා එකක් සඳහා ඩොලර් 100.77 ක මුදලක් අයකරන බවත් වීසා ගාස්තුව ඩොලර් 50 ට තිබූ කාලයේ විදේශීකයන් විශාල වශයෙන් පැමිණි බවත්ය.

එක පුද්ගලයෙක්ට දින 30 ක වීසා සඳහා උපරිමය ඩොලර් 50 ක් අය කරන ලෙස මේ වන විටත් ආණ්ඩුවට දැනුම්දී ඇති බව කී නිෂාද් විජේතුංග මහතා සංචාරක ව්‍යාපාරය හරහා විදේශ මුදල් මෙරටට උපයාගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ මෙවැනි ගාස්තු ලිහිල්කිරීම මිස තද කිරීම නොවන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.