පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණ කිරීමට පියවර

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව වසර 40 ක් පමණ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ යම් යම් ප්‍රතිසංස්කරණ සිදුකිරීම අවශ්‍යවන අතර එම ප්‍රතිසංස්කරණ හඳුනාගෙන ඊට අදාළ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය 25 වනදා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උපදේශක කාරක සභා රැස්වීමේදී සිදුකළ යුතු කාර්යයන් හඳුනාගෙන නාගරික සංවර්ධන අධිකාරියේ සහ මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයේ මැදිහත්වීමෙන් එම කටයුතු සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර දීමට ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණි ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published.