ඉන්දියාවේ දැන්වීම් පුවරුවක් කඩා වැටී 14 දෙනෙකු මරුට

ඉන්දියාවේ මුම්බායි නගරයේ විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.

මුම්බායි නගරය හරහා හමා ගිය තද සුළං තත්ත්වයත් සමග මෙම දැන්වීම් පුවරුව කඩා වැටී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එහිදී තවත් පුද්ගලයින් 60කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

ඉන්ධන පිරවුම්හලක් අසල සවිකර තිබූ දැන්වීම් පුවරුවක් මෙසේ කඩා වැටී ඇති අතර වාහන රැසකට ද දැඩි අලාභහානි සිදුව ඇති බව වාර්තා වේ.

අදාළ දැන්වීම් පුවරුව නීත්‍යානුකූළ අවසරයක් ලබාගෙන සවිකර ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස මහාරාෂ්ට ප්‍රධාන අමාත්‍යවරයා නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published.