රටම හඬවමින් පුංචි විහඟි අවසන් ගමනේ

විදුලි සැර වැදීම හේතුවෙන් 3% සිට 15% අතර ප්‍රමාණයක් ළමා මරණ සිදුවිය හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

“විදුලි සැර වැදීම නිසා 3% ඉදලා 15% වෙනකම් දරුවෝ මරණයට පත්වෙන්න පුළුවන්. හෘද වස්තුවට බලපෑමක් ඇති කරන්න පුළුවන්. මොළයට බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ ස්නායු පද්ධතියට හානිවෙන්න පුළුවන්. හෘද වස්තුවේ වේගය වෙනස් වෙන්න පුළුවන්. අපි කියනවා ඇරිද්මියාස් කියලා. ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ක්ලාන්ත ගතිය, සිහි නැතිවීම, ඒ එක්කම මරණ පවා සිදුවෙන්න පුළුවන්. ඒ නිසා මේක ඉතාමත් භයානකයි. ඒ වගේ දෙයක් වුණොත් ඉක්මනටම රෝහලක් වෙත ගෙනියන්න ඒක වළක්වාගැනීම වැඩිහිටියෝ විදිහට අපේ යුතුකම.”   

මේ අතර, ජංගම දුරකථනයට විදුලිය ආරෝපණය කර එය නරඹමින් සිටි මග්ගොනෙ, මුංහේන ප්‍රදේශයේ පෙර පාසල් දියණියක් විදුලි සැර වැදී මියගොස් තිබිණි.

පොලීසිය සඳහන් කළේ, අවුරුදු තුනහමාරක් පමණ වයසැති දැරියක් එලෙස මියගොස් ඇති බවය.

ජංගම දුරකථනයට විදුලිය ආරෝපණය කර එය නරඹමින් සිටි මග්ගොනෙ, මුංහේන ප්‍රදේශයේ පෙර පාසල් දියණියක් විදුලි සැර වැදී මියගොස් තිබේ.

ඊයේ (13) පස්වරුවේ එම දැරිය පෙර පාසල් ගොස් නැවත නිවසට පැමිණ නිවසේ කාමරයක විදුලිය ආරෝපණය කර තිබූ ජංගම දුරකථනයක් නරඹමින් සිට ඇත.

සිය නැඟණිය කතාබහක් නොමැතිව බිම වැතිර සිටින බව දුටු වැඩිමහල් සහෝදරයා ඒ පිළිබඳව පියාට දැනුම් දී ඇති අතර පියා විසින් සිහිසුන්ව සිටි දැරිය බේරුවල මූලික රෝහලට ප්‍රතිකාර සදහා ගෙනගොස් ඇති බව වාර්තා වෙයි.

රෝහල් කාර්ය මණ්ඩලය දැරියට සිහිය ලබාගැනීමට මහත් පරිශ්‍රමයක් දැරුවත් ඇය ඒ වනවිටත් මෙලොව හැරගොස් තිබිණි.

අනාරක්ෂිත විදුලි සැපයුමක් ස්පර්ශ කිරීමෙන් මෙම දැරියට විදුලි සැර වැදී ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ආරෝපණය කර තිබු ජංගම දුරකතනය ඇගේ පපු ප්‍රදේශයේ රඳවාගෙන තිබීම හේතුවෙන් අධික විදුලි ධාරාවක් පැමිණ ඇති බවට ඇගේ පපු ප්‍රදේශයේ ඇති තුවාල මඟින් අනාවරණ වී තිබිණි.

මෙලෙස මියගිය විහඟි නෙතාෂාට වැඩිමහල් සහෝදරයෙක් සහ සහෝදරියක් සිටී.

ධීවර කර්මාන්තයෙන් දිවි සරිකර ගන්නා මොවුන් මීට මාස 2කට පෙර මෙම නිවස සාදාගෙන මුංහේන ප්‍රදේශයට පැමිණ තිබිණි.

හය හතරක් නොදත් මෙවැනි දරුවන් ආකාලයේ මිලිනවීමට ඉඩනොතබා දරුවන් පිළිබඳ අවධානයෙන් යුතුව කටයුතු කිරීම වැඩිහිටියන්ගේ යුතුකමකි.

Leave a Reply

Your email address will not be published.