ගුවන් පාලමක් මතින් අධිවේගී මාර්ගයට වැටුණු සිසුවා මරුට

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ ගුවන් පාලම මතින් අධිවේගී මාර්ගයට වැටී තරුණයෙකු මියගොස් තිබේ.

කෙසේවෙතත් මෙම මරණය සැක සහිත බව වාර්තා වෙයි.

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් 1.2 කණුව අසල ඇති ගුවන් පාලම මතින් අධිවේගී මාර්ගයට ඊයේ (24) රාත්‍රී 7ට පමණ මෙම තරුණයා වැටී තිබේ.

එම අවස්ථාවේදී මාතර දෙසට ගමන්ගත් මෝටර් රථයකද ඔහු ගැටී ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, 19 හැවිරිදි මෙනාත් බානුජ නමැති අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි පාදුක්කේ පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලයක පාඨමාලාවක් හදාරන තරුණයෙකි.

අනතුරින් මෝටර් රථයට ද හානි සිදුවී ඇති අතර මෝටර් රථ රියදුරද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර පොලීසිය සිදුකළ සොයාබැලීමේ දී මියගිය තරුණයාගේ නිවසේ තිබී තමන් සියදිවි නසාගන්නා බවට ඉංග්‍රීසි බසින් ලියන ලද ලිපියක් ද හමුවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.