කටුකුරුන්ද ඝාතනය ට තිදෙනෙක් අත්අඩංගුවට

වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධ‍‍යෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 20 වනදා රාත්‍රී කාලයේ දී කටුකුරුන්ද ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙ‍ෙනකු විසින්  නිවසක සිටි පුද්ගලයෙකුට ‍වෙඩි තබා ඝාතනය කර පළා ගොස් තිබුණි.

ඒ අනුව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකට අනුව මෙම සැකකරුවන් ති‍දෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඊයේ (24) සවස පැලපිටියාගොඩ හා නුගේගොඩ ප්‍රදේශවලදී  මෙම සැකකරුවන් අත්අඩංගුවට ‍ගෙන තිබේ.

සැකකරුවන් 24, 39, 41 යන වයස්වල පසුවන තෙඹුවන හා මොරොන්තුඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

වැඩිදුර විමර්ශන වලදී ‍මොවුන් සතුව තිබී ක්‍රියාකාරී නොමැති ටී 56 වර්ගයේ ගිනි අවියක්, හිස් පතරොම් ගැබ් 2ක්, ජීව පතරොම් 4ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 1ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන මුදල් රුපියල් 340,000ක් හා කාර් රථයක් ද පොලිස් භාරයට ‍ගෙන ඇත.

කළුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.