ඉන්දීය ගුවන් යානයක බෝම්බ බියක්

දිල්ලි සිට වරණාසි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයක බෝම්බයක් ඇති බවට ලද තොරතුරක් මත එම ගුවන් ගමන අවලංගු කිරීමට දිල්ලි ගුවන්තොටුපොළ කටයුතු කළේය.

මෙසේ ගුවන් ගමන අවලංගු කර ඇත්තේ, ඉන්දියාවේ විශාලම ගුවන් සේවය වන ඉන්ඩිගෝ ගුවන් සේවය ට අයත් ගුවන් යානයකි.

අද උදෑසන අදාළ සිදුවීම වාර්තා වී ඇති අතර, එම අවස්ථාවේ ගුවන් යානයේ සිටි සියලූම මගීන් ගුවන් යානයේ හදිසි පිටවීමේ දොරටු මඟින් පිටතට ගැනීමට බලධාරීන් කටයුතු කර තිබිණි.

මේ වනවිට අදාළ ගුවන් යානය හුදකලා කර පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
 

Leave a Reply

Your email address will not be published.