වාහන ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීමට රජය තීරණය කරන්නේ නම් ඒ සඳහා විදෙස් සංචිත කළමනාකරණය කිරීමට මහ බැංකුවට හැකියාව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඊයේ (28) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර ඇති බවය.