අද (31) අලුයම දිවයිනට රැගෙන ආ මිදිගම රුවන් නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබේ.
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සැකකරුවෙකු වන, ඩුබායි හිදී අත්අඩංගුවට ගත් මිදිගම රුවන් ව අද (31) අලුයම දිවයිනට රැගෙන එනු ලැබීය.
ඔහු මේ වනවිට අත්අඩංගුවේ පසුවන නදුන් චින්තක නොහොත් හරක් කටාගේ සමීපතමයෙකි.
ඩුබායි හී පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය මීට මාස කිහිපයකට පෙරදී ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කර සිටින මිදිගම රුවන් නමැත්තාව අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව ඒ පිළිබඳව මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් පසුව ඔහුව රැගෙන ඒම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධික්ෂණය යටතේය.
නදුන් චින්තක නොහොත් හරක් කටාගේ සමීපතමයෙක් වන මිදිගම රුවන්, හරක් කටාගේ අපරාධ රැසක් ඩුඩාහි සිට මෙහෙයවා ඇති බවට ද අනාවරණ වී තිබේ.
හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළායෑමේ මෙහෙයුම සංවිධාන කර තිබුණේද මිදිගම රුවන් විසින් බව වාර්තා වෙයි.