ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ පූර්ණ වශයෙන් හානි වූ නිවාස රජයේ වියදමෙන් සහ ත්‍රිවිධ හමුදා සහාය ඇතිව යළි ඉදිකර දීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ යෝජනාව ඊයේ (03) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඊට අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. 

චක්‍රලේඛ මත පදනම්ව නොසිට විපතට පත් ජනතාව සඳහා කඩිනමින් සහන සැලසීමට සහ විපතට පත් ජනතාවට ලබාදෙන ආධාර මුදල් වැඩි කිරීමට ද මෙහිදී යෝජනා වී තිබේ.

මේ අතර ජගත් පරිසර දින සැමරුම් උළෙල වෙනුවෙන් වෙන්කළ මූල්‍ය ප්‍රතිපාදන අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත්වූ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් යොදවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

හෙටට (05) යෙදී ඇති ජගත් පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කර තිබූ ජාතික සැමරුම් උත්සවය අවලංගු කිරීමට ද තීරණය කළ බව පළාත් සභා පළාත් පාලන හා පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.