ප්‍රංශ ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවයි

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පාර්ලිමේන්තුව විසුරුවා දැමීමට කටයුතු කරන බව නිවේදනය කර තිබෙනවා.

පසුගිය දා පැවති යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔහුගේ ප්‍රතිවාදියා වූ Marine Le Pen ට විශාල ජයග්‍රහණයක් ලැබීමත් සමඟ ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිවේදනය කරමින් ඔහු කියා සිටියේ ඉරිදා යුරෝපීය පාර්ලිමේන්තු ප්‍රතිඵල ඔහුගේ ආණ්ඩුවට දරුණු බවත්, ඒවා නොසලකා හරින බව මවා පෑමට තමන්ට නොහැකි බවයි.

පැරිස් ඔලිම්පික් උළෙලට සති කිහිපයකට පෙර පහළ මන්ත්‍රණ සභා මැතිවරණය ජුනි 30 වෙනිදා කැඳවන බවත් දෙවන වටයේ ඡන්දය ජූලි 7 වන දින පවත්වන බවද ඔහු නිවේදනය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.