කොළඹ දිස්ත්‍රික් මස්ජිඩ් සම්මේලනයෙන් පලස්තීන වැසියන්ට මිලියන 27 ක ආධාරයක්

කොළඹ දිස්ත්‍රික් මස්ජිඩ් සම්මේලනය (CDMF) අයත් කලාපීය සම්මේලන 12 විසින්  සමන්විත ඊශ්‍රායලය විසින් එල්ල කරන බිහිසුණු යුද අපරාධවලට ලක්ව සිටින පලස්තීන දරුවන්ට ආධාර පිණිස රුපියල් මිලියන 27 කට අධික මුදලක් එකරාශි කර ඇත.

මෙම මුදල් ශ්‍රි ලංකා රජය වෙත ලබාදී ඇති අතර ඒවා  UNWRA වැනි සුදුසු ආයතන මගින්  ගාසා හි දරුවන්ට ආධාර සැපයීම සඳහා භාවිතා කරන ලෙස කොළඹ දිස්ත්‍රික් මස්ජිඩ් සම්මේලන (CDMF) විසින් රජයෙන් ඉල්ලා සිටිනවා. මෙම පරිත්‍යාග/අරමුදල් පිළිබඳ සියලුම ලියකියවිලිවල පිටපතක් ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති කාර්යාලයේ නිලධාරීන් වෙත ලබා දී ඇති බව  වාර්ථා වේ.

Leave a Reply

Your email address will not be published.