යුක්තියෙන් රැකියාත් ලබාදෙයි

දිවයින පුරා ක්‍රියාත්මක “යුක්තිය” මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපනය කිරීමේ “සුවසාර කැදැල්ල” වැඩසටහන පසුගියදා ආරම්භ වුණේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුවය.

එම වැඩසටහනට සමගාමීව පුනුරුත්ථාපනය වූ පුද්ගලයන් සඳහා රැකියා ලබාදීමේ වැඩසටහනක් බත්තරමුල්ල “අපේ ගම ” පරිශ්‍රයේදී  ඊයේ (15) පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසා සිටියේ, යුක්තිය මෙහෙයුම ආරම්භ කිරීමත් සමඟ මෙරට තුළ අපරාධ ‍සියයට 23කින් අඩුවී ඇති බවය. 

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා,

“මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය 90%ක් විනාශ කළා. මත්ද්‍රව්‍ය වැඩිම බස්නාහිර පළාතේ. නුගේගොඩ සහ ගල්කිස්ස මත්ද්‍රව්‍ය වැඩිම කොට්ඨාස. මේ ප්‍රදේශවල මත්ද්‍රව්‍ය සංස්කෘතියක් ඇතිවෙලා. යුක්තිය මෙහෙයුම නිසා 23%කින් අපරාධ අඩුවෙලා. 50%කින් අපරාධ අඩු කිරීම අපේක්ෂාවයි.”

එම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාද එක්වී සිටියේය.

ඔහු සඳහන් කළේ පාතාලය අවසන් කිරීමට වැඩි කල් නොගන්නා බවය.

Leave a Reply

Your email address will not be published.