ප්‍රධාන ජල සැපයුම් නලයක මෝටර් රථයක් ගැටෙයි

කොළඹ හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේ දී අද (17) අළුයම මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ලබුගම ජලාශයේ සිට කොළඹට ජලය රැගෙන යන විශාල නලයක ගැටීමෙන් සිදු වූ අනතුරින් නල මාර්ගය පුපුරා ගොස් තිබේ.

ජල නලයට දැඩි ලෙස හානි වීම හේතුවෙන් විශාල ජල කඳක් අපතේ යාමක් සිදුව වන අතර එම ස්ථානයේ තිබූ විදුලි කණුවක් ද කැඩී මාර්ගයට ඇද වැටි ඇති බව වාර්තා වේ.

අනතුරට පත් මෝටර් රථයෙහි සිටි රියදුරු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් දෙදෙනාට සුළු තුවාල සිදුව ඇති බව පොලීසිය පවසයි. 

අදාළ මෝටර් රථය අධික වේගයකින් පැමිණ මාර්ගයෙන් ඉවතට පැන ජල නලයෙහි ගැටී පෙරළි ගොස් ඇත.

මෙම ජල නලයට දැඩි ලෙස හානි සිදුවීම හේතුවෙන් කොළඹට ජලය සැපයීම යම් කාල සීමාවක් ප්‍රමාද විය හැකි බව ජල සම්පාදන මණ්ඩලයේ මහරගම කලාප කාර්යාලය පවසයි.

Leave a Reply

Your email address will not be published.