ගාල්ලෙන් නුවරට දැඩි ප්‍රහාරයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගෝල් මාර්වල්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් අතර පැවති තරගය පහසුවෙන් ජය ගැනීමට ගෝල් මාර්වල්ස් කණ්ඩායම සමත් විය.

ඒ කඩුලු 6කිනි.

දඹුල්ලේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සිය පන්දු ඕවර 20 දී කඩුලු 7ක් දැවී ලකුණු 175ක් ලබාගත්තේය.

ආරම්භක පිතිකරු ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් ලකුණු 50ක් ලබාගත් අතර නායක වනිඳු හසරංග පන්දු 32කට නොදැවී ලකුණු 65ක් ලබාගත්තේය.

පන්දු යැවීමේදී ඉසුරු උදාන ලකුණු 30කට කඩුලු 3ක් දවාගත් අතර සහූර් ඛාන් ලකුණු 29කට කඩුලු 2ක් දවාගත්තේය.

ඊට පිළිතුරු ලෙස ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු ගණන කඩුලු 4ක් පමණක් දැවී ලබාගැනීමට ගෝල් මාර්වල්ස් කණ්ඩායම සමත්විය.

ඒ අනුව පන්දු ඕවර 17.1කදී ලකුණු 176ක් ලබාගැනීමට ගෝල් ක්‍රීඩකයෝ සමත්වූහ.

ටීම් සයිෆර්ට් නොදැවී ලකුණු 82යි.

Leave a Reply

Your email address will not be published.