රන් පතලේ ඛේදවාචකය – ජීවිත රැසක් අහිමිවෙයි

ඉන්දුනීසියාවේ රන් පතලක සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් 19 දෙනෙකු අතුරුදන්ව තිබේ.

පවතින අධික වර්ෂාවත් සමග එරට සුළවිසි දූපත් ප්‍රදේශයේ පිහිටි රන් පතලක එම නායයෑම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නීතිවිරෝධී පතල් කැනීමේ නිරතව සිටි පුද්ගලයින් 35 දෙනෙකු නායයෑමට හසුව ඇති අතර ඉන් පුද්ගලයින් 5 දෙනෙකු දිවි බේරාගැනීමට සමත්ව තිබේ.

මියගිය පුද්ගලයින් 11 දෙනෙකුගේ මළසිරුරු මේ වන විට සොයාගෙන ඇති අතර අතුරුදන් වූ 19 දෙනා සොයා සහන සේවකයින් විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published.