පුංචි පුතා සුරතල් මත්ස්‍ය ටැංකියට බිලිවෙයි

මිද්දෙනිය වික්‍රම මාවත නැගෙනහිර ප්‍රදේශයේ දී කුඩා පිරිමි දරුවෙකු මසුන් ඇතිකරන ජල ටැංකියකට වැටී මියගොස් තිබේ.

පොලීසි පැවසුවේ ඊයේ (07) සවස මෙම අනතුර සිදුව ඇති බවය.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 03ක් වයසැති මිද්දෙනිය ප්‍රදේශයේම පදිංචිව සිටි දරුවෙකි.

නිවස ඉදිරිපිට සුරතල් මසුන් ඇති කිරීමට තනා තිබූ ජල ටැංකියට වැටී මෙම දරුවා මියගොස් ඇති බවට පොලීසිය කළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

මරණය සම්බන්ධයෙන් මිද්දෙනිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.