ලිට්‍රෝ ගෑස් හිඟයක් ඇතැම් ප්‍රදේශවල සතියක පමණ කාලයත සිට පවතින බව ගෑස් පාරිභෝගිකයෝ පවසති.
එම තත්වය හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් එයට පිළියම් යොදන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් පාරිභෝගිකයෝ වැඩි දුරටත් සඳහන් කරති.
මෙම තත්වය පිළිබඳව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරීයකුගෙන් කළ විමසුමකදී පැවසුවේ ප්‍රවාහන ගැටලුවක් හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ගෑස් සැපයුමේ ප්‍රශ්නයක් තිබූ බවත් මේ වන විට එම ප්‍රවාහන ගැටලුව විසඳා ඇති බවත්ය.
කිසිඳු ප්‍රදේශයක ඊයේ වන විට ගෑස් හිඟයක් නොමැති බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.