සුමන්තිරන් ගමන් ගත් රථය අනතුරකට ලක්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ගමන්ගත් රථය යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

ඊයේ (27) සවස එම අනතුර සිදුව ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් මන්ත්‍රීවරයාගේ රථය කිලිනොච්චිය 155 කිලෝමීටර කණුව ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටී ඇති බවය.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, මන්ත්‍රීවරයාගේ වාහනයේ ඉදිරිපස කොටසකට සුළු හානියක් සිදුව ඇති බවද පොලීසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.