ඊයේ (29) එංගලන්තයේ සවුත්පොර්ට් ප්‍රදේශයේ සිදුකළ පිහි ඇනුමෙන් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ සිටි තවත් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව එම සිද්ධියෙන් මියගිය ළමුන් ගණන තුනකි.
ඊයේ දහවල් වයස අවුරුදු 17ක් පමණ වූ තරුණයෙක් විසින් එම පිහි ඇනුම සිදුකර තිබුණි.
ඔහුව පොලීසිය විසින් නිවසකදී අත්අඩංගුවට ගත්තේය.
නර්තන වැඩමුළුවකට සහභාගී වීම සඳහා පැමිණි කුඩා දරුවන් පිරිසක් ඉලක්ක කර සැකකරු විසින් ප්‍රහාරය එල්ල කළේය.
ඊයේ දරුවන් දෙදෙනෙක් මියගොස් තිබුණි.
මේ වනවිට අසාධ්‍ය තත්ත්වයෙන් තවත් දරුවන් 5 දෙනෙක් සහ වැඩිහිටියන් දෙදෙනෙක් ප්‍රතිකාර ලබයි.