රිය අනතුරකින් අඹු-සැමි යුවළකට බරපතළයි

පිළියන්දල ප්‍රදේශයේදී ඊයේ (02) ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් වයෝවෘද්ධ අඹුසැමි යුවළක් බරපතළ තුවාල ලබා ඇතැයි පිළියන්දල පොලීසිය පවසයි.

මෙම අනතුරින් පාසල් දැරියක් ද සුළු තුවාල ලබා ඇතැයි සඳහන් ය.

අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 68 හා 74 වියේ පසුවන අඹු-සැමි යුවළකි.

අඹුසැමි යුවළ නිවසේ සිට ත්‍රීරෝද රථයෙන් කළුබෝවිල ශීක්ෂණ රෝහලේ සායනයකට සහභාගී වීම සඳහා යමින් සිටියදී අතරමගදී පාසල වෙත යාමට බස්රථයක් බලාපොරොත්තුවෙන් සිටි දැරියක් ද එහි නංවාගෙන තිබුණි.

එලෙස ත්‍රීරෝද රථය පිළියන්දල දෙසට පැමිණෙමින් සිටියදී රාත්‍රී සේවා මුරය නිමකර නිවස බලා යමින් සිටි කර්මාන්තශාලා කළමනාකරුවෙකු පැදවූ මෝටර් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනයවී ත්‍රීරෝද රථයේ සහ මෝටර් රථයක ගැටි තිබේ.

අනතුරත් සමගම තුවාල ලැබූවන් පිළියන්දල දිසා රෝහල වෙත යොමු කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ සිටි වයෝවෘද්ධ අඹු සැමි යුවළ වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කෙරුණි.

Leave a Reply

Your email address will not be published.