රුපියල් ලක්ෂ දහ අටක් පමණ වටිනාකමින් යුතු විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
බහරේන් සිට මෙරටට පැමිණි අදාළ පුද්ගලයා අද (04) උදෑසන පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්ය.
ඔහුගේ ගමන් මලු තුළ තිබී විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි 12,000 ක් අඩංගු කාටූන් 60ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙකි.