ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ මේ වනවිට පැමිණිලි 121ක් වාර්තා වී ඇති බවයි
එම සියලු පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන්වලට අදාළව ලැබුණු ඒවා බවයි මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
ජාතික මැතිවරණ පැමිණිලි කලමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 80ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කලමනාකරණ මධ්‍යස්ථාන වෙත පැමිණිලි 41ක් ලැබී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.