අඩුවෙන් නිදාගෙන වැඩියෙන් වැඩ කරන්න සූදානම් වෙන්න – සමඟි ජන සන්ධානය ගොඩනගමින් සජිත් කියයි

අඩුවෙන් නිදාගෙන වැඩියෙන් වැඩකිරීමට සූදානම් වන ලෙස විපක්ෂ නායක ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමඟි ජන සන්ධානය ගොඩනගමින් පැවසුවේය.

දැවැන්තම තොරතුරු තාක්ෂණ විප්ලවය ආරම්භ කරමින් එම නිපුණතාවෙන් හෙබි පාරාදීසයක් බවට රට පත්කරන බවයි ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

එපමණක් නොව කෘෂි ක්ෂේත්‍රය,ධිවර ක්ෂේත්‍රය, තේ පොල්, රබර් ක්ෂේත්‍ර, ස්වයං රැකියා,කුඩා හා මාධ්‍ය පරිමාණ කර්මාන්ත, ඇඟළුම් ක්ෂේත්‍රයේ සිටසියලුම මාදිලියේ කර්මාන්ත ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

ජාතික සම්පත් රැකගත යුතු අතර රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති හරහා පාඩු ලබන ආයතන ලාභ ලබන තත්ත්වයට ගෙන එමින් ඒවායෙහි අයිතිය රට තුළ තබා ගැනීමට ක්‍රියා කළ යුතු බව ඔහු එහිදී පැවසුවේය.

රටේ සියලුම ජන ප්‍රජාවන් මුහුණ දෙන ගැටළු වලට නිශ්චිත විසඳුම් ලබා දීමට ක්‍රියා කරන අතර ජන වරම ලැබුණු මොහොතේ සිට එම මාහ දැවැන්ත සංවර්ධන සංග්‍රාමය දියත් කරන බවයි තවදුරටත් අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා පැවසුවේ.

ජනසවියටත් වඩා ශක්තිමත් වැඩසටහනක් හරහා කෙටි කාලයක් දුප්පත්කමින් ජනතාව මුදවා ගන්න බවද හෙතෙම අවධාරණය කරන ලදී.

ඒ අනුව ගම් නියම් ගම් පුරා යමින් සමඟි ජන බලවේගයේත් සමඟි ජන සන්ධානයේත් ජයග්‍රණය වෙනුවෙන් කැපවෙන ලෙසත් ඉල්ලා සිටි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසුවේ මෙතෙක් කල් රට තුළ පැවති පවුල්වාදී දේශපාලනයට තිත තබන බවයි.

Leave a Reply

Your email address will not be published.