සජබට එරෙහිව හරීන්-මනූෂ ගොනු කළ පෙත්සම් දෙකේ තීන්දුව අද

තමන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණයට එරෙහිව ඇමැතිවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ගොනු කළ පෙත්සම් දෙකක් සම්බන්ධයෙන් වන තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (09) ප්‍රකාශ කිරීමට නියමිතය.

පක්ෂයේ විනය කඩ කිරීමේ චෝදනාවලට තමන් වරදකරුවන් වී ඇති බැවින් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බව සඳහන් කරමින් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර තිබිණි.

පක්ෂයේ විධායක කමිටුව මඟින් ගත් එම තීරණය සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට මෙන්ම ස්වභාවික යුක්ති ධර්මයට ද පටහැනි බවට චෝදනා කරමින් එම තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබිණි.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ එම පෙත්සම් විභාගයට ගැනුණු අතර පෙත්සම් විභාගය අවසන් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශ කිරීම කල් තබා තිබිණි.

Leave a Reply

Your email address will not be published.