එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට තීරණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටි මන්ත්‍රී කණ්ඩායම විසින් නිර්මාණය කරනු ලබන නව සන්ධානයේ මහලේකම්වරයා ලෙස අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පත්වනු ඇති බව වාර්තා වෙයි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේ මහලේකම්වරයා ලෙස අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ නම යෝජනා කළ බවය.
හෙට (14) දිනයේදී නව සන්ධානය එළිදැක්වීමට නියමිත බව අද (13) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.