කුරුණෑගල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු විසින් දියවැඩියා රෝගියෙකුගේ පාදයේ මහපට ඇඟිල්ල කපා දැමීම සඳහා යොදාගත් ගත් කතුරකින් හෙදියකගේ හිසට පහර දීම තුළින් එම විශේෂඥ වෛද්‍යවරයා හෙදියගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ඒ අනුව අදාළ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධියට භාජනය වූ වාරියපොළ ප්‍රදේශයේ පදිංචි හෙදියට රුපියල් 50,000/-ක වන්දියක් සිය පෞද්ගලික මුදල්වලින් ගෙවිය යුතු බව කුරුණෑගල මහ රෝහලේ සේවයේ නියුතු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළේය.
එම වන්දි මුදල මාස තුනක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවත්ට ඊට අමතරව වෛද්‍යවරයා විසින් හෙදියට රුපියල් 10,000ක වන්දි මුදලක් ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයේ සඳහන් විය.
කුරුණෑගල මහා රෝහලේ ශල්‍ය වෛද්‍ය අංශයට අනුයුක්තව සේවය කරන
හෙද නිලධාරිනියක විසින් ගොනුකොට ඇති පෙත්සමක තීන්දුව දෙමින් විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර සහ අචල වෙංගප්පූලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරවරුන්ගේ එකඟත්වය ඇතිව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
පෙත්සම්කාරිය කියා සිටින්නේ 2019 වසරේ මාර්තු මස 12 වනදා දියවැඩියා රෝගියෙකුගේ මහපට ඇඟිල්ල ඉවත් කිරීමේ සැත්කමක් සිදුකිරීම සඳහා තමා වගඋත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා සමග ශල්‍යගාරයට ගිය බවය.
එම සැත්කම කරන අවස්ථාවේදී අස්ථි කපා දැමීම සඳහා කතුරක් වගඋත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා විසින් තමාගෙන් ඉල්ලා සිටි බවත් තමා එම කතුර ඔහුට ලබා දුන් අතර එම කාර්යය සිදුකිරීමෙන් පසු තමා විසින් එම කතුර ට්‍රොලියේ තැබු බවත් පෙත්සම්කාරිය කියා සිටියාය.