ලංකාවේ ජනගහනයෙන් 40%ක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. ඒ විනාශයට වගකිව යුත්තේ වසර 76ක් රට විනාශ කරපු දේශපාලනඥයෝ. ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්වී සිටින ජනාධිපති අපේක්‍ෂකයන් අනිසි ලෙස වියදම් කරන මුදල් මන්දපෝෂණයෙන් පෙළෙන ජනතාව සඳහා යොදවන ලෙස තමා ඉල්ලා සිටින බව මෙවර ජනාධිපතිවරණයට එක්සත් ලංකා පොදුජන පක්ෂයේ නායක ස්වාධීන අපේක්ෂකයකු ලෙස කෝප්පය ලකුණෙන් ඉදිරිපත්වන ජනක රත්නායක මහතා පැවසීය.
රත්නායක මහතා එසේ පැවසුවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
ඉදිරියේදී පැවැත්වෙන්නේ ඉතා විශේෂිතම මැතිවරණයක්. ආර්ථික අතින් ආරාජිකයේ අබියසටම පා තැබූ රටක්. රටේ ජනතාවගේ වැඩි පිරිසකට තුන්වේල කන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. මෙහෙම ගියොත් අපේ රටේ බොහෝ පිරිසක් මන්දපෝෂණයෙන් විනාශ වෙන්න පුළුවන්. එම නිසා ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඉතා කල්පනාකාරීව තම ඡන්දය පාවිච්චි කරන ලෙස රත්නායක මහතා පැවසීය.
ගමනාගමනය, යටිතල පහසුකම් හා දූ දරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය විනාශ වෙමින් පවත්නා අප රට, ඒ සියලු දේවලින් ජයගෙන යහපත් රටක් ගොඩනඟන්නට එකමුතුව කටයුතු කරන ලෙස ද සමහර දේශපාලන පක්ෂවලින් ජනපති සටනට ඉදිරිපත්වී සිටින සමහර අපේක්‍ෂකයන් තමන්ගේ තරම පෙන්වන්න මුදල් වැය කරනවා. ඡන්දදායකයන් සඳහා අසීමිතව වියදම් කරන්නට හදන මුදල්වලින් මේ රටේ එදා වේල කන්න බැරි දුප්පත් මිනිසුන්ගේ යහපත උදෙසා වැය කරන ලෙසද ඒ මහතා ඉල්ලීමක් කළේය.
යහපත් දේශපාලන සංස්කෘතියක් හා ශිෂ්ඨ රටක් ඇති කිරීමට එවැනි සම්ප්‍රදායිකයන් ආදර්ශයක් ගතහැකි බව ද යම් යම් පක්ෂවලට පිටරටවලින් ලැබෙන මුදල් ද රටේ යහපත සඳහා බැර කරන ලෙස ද තමා ඉල්ලා සිටින බව ද ඒ මහතා පැවසීය.