ගීතා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් 5ක් වහාම ඉවත් කරයි

වහාම ක්‍රියාත්මක වනපරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ගීතා කුමාරසිංහ ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු එලෙස සිය ධුරවලින් ඉවත් කර ඇති බවය.

සෙසු පිරිස වන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂ, අමිත් තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී. චානක යන අය වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) වගන්තිය ප්‍රකාරව එම ඉවත් කිරීම් සිදු කර ඇත.

ඔවුන් දැරූ රාජ්‍ය අමාත්‍ය ධුර වන්නේ… 

ගීතා සමන්මලී කුමාරසිංහ – කාන්තා හා ළමා කටයුතු

ශෂීන්ද්‍ර රාජපක්ෂ  – වාරිමාර්ග හා ජල සම්පාදන

තේනුක විදානගමගේ – නාගරික සංවර්ධන හා නිවාස

ප්‍රසන්න රණවීර  – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන

ඩී.වී. චානක – විදුලිබල හා බලශක්ති

ඉන් ගීතා කුමාරසිංහ මහත්මිය ඊයේ (09)  ජනාධිපති ධුර අපේක්ෂක සජිත් මහතාට සහාය පළ කරමින් මහනුවරදී ඔහුගේ රැලියකට එක්වූවාය.

මේ අතර, ශෂීන්ද්‍ර රාජපක්ෂ, තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී. චානක ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට සහාය පළ කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published.