ඡන්දෙ ගණින රාජ්‍ය නිලධාරීන්ට රෑ කෑම නෑ, දිස්ත්‍රික්ක රැසකින් දැනුම් දෙයි

සැප්තැම්බර් 21 අද පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් පසු ඡන්ද ගණන් කිරීමේ රාජකාරි සඳහා පැමිණෙන රාජ්‍ය නිලධාරීන් හට රාත්‍රී ආහාරය ලබා නොදෙන බව දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල විසින් එම රාජ්‍ය නිලධාරීන් වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ. ඒ අනුව, තමන්ට අවශ්‍ය ආහාර රැගෙන එන ලෙස එම රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

රාජ්‍ය නිලධාරීන් පවසන්නේ තමන්ට ආහාර සපයා ගැනීම දුෂ්කර බවයි. රාත්‍රී කාලයේ රාජකාරී කිරීම සඳහා දහවල් කාලයේ නින්දක් ලබාගත යුතු බවත්, පසුව තමන්ට අවශ්‍ය ආහාර පිසීමට කාලයක් ඉතිරි නොවන බවත් ඔවුන් පෙන්වා දෙනවා. මේ හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයකට ලක්ව සිටින බව ද එම රාජ්‍ය නිලධාරීන් පවසනවා.

Leave a Reply

Your email address will not be published.