ශ්‍රී ලංකාවේ 09 වැනි ජනපති ලෙස අනුර අද සවස දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ 09 වැනි ජනාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද සවස 4.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙන බව ජාතික ජන බලවේගය පක්ෂයේ සාමාජික සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.ඉතා චාම් ලෙස මෙම දිවුරුම් දීමේ උත්සවය පවත්වනු ලබන බව ද ඔහු සඳහන් කරයි.ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසු නව ජනාධිපති ලේකම්වරයෙක් පත් කරන බවත් නව අමාත්‍යාංශ 15ක් තාවකාලිකව පත්කර එම අමාත්‍යාංශය සදහා තාවකාලික ලේකම්වරු 15දෙනකු පත් කරන බවත් සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.