අගමැති අපේක්ෂකයා මමයි – සජිත්

රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වී තරග කළේ නම් සජිත් ප්‍රේමදාස මහතාට මෙවර මැතිවරණය ජයග්‍රහණය කළ හැකිව තිබූ බවට පැවසෙන ප්‍රකාශ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා අද (24) ප්‍රතිචාර දැක්වීය.

එහිදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, 

“අංක ගණිතය පමණක් බැලුවොත් එවන් විග්‍රහයකට යන්න පුළුවන්. නමුත් ගැඹුරු දේශපාලන විශ්ලේෂණයකට ගියොත් පැහැදිලියි.. ඒක සත්‍යයක් යථාර්තයක් නෙමෙයි කියලා.”

“අපි සමගි ජන සන්ධානය ලෙස ඉදිරියට යනවා. ඒ සමග ජනතාව පිළිගන්න පුද්ගලයන්ට අත්වැල් බැඳගැනීමට පුළුවන්.” 

“අද සමගි ජන බලවේගයේ සියලුම ආසන සංවිධායකවරුන්, සියලුම මන්ත්‍රීවරුන් ඒකමතිකව මට යෝජනා කළා අග්‍රාමාත්‍ය අපේක්ෂක ලෙස මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්න…මගේ නායකත්වයෙන්.”

Leave a Reply

Your email address will not be published.