තරුණ සේවා සභාවේ නව සභාපති නීතිඥ චින්තක දර්ශන

ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති හා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස නීතිඥ චින්තක දර්ශන හේවාපතිරණ මහතා ඉකුත්දා සුබ මොහොතින් ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී සිය තනතුරේ වැඩ භාර ගත්තේය.

ජාතික තරුණ සේවා සභාවේ 32 වැනි සභාපති හා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස (43) හැවිරිදි නීතිඥ චින්තක දර්ශන හේවාපතිරණ මහතා මෙසේ වැඩ භාර ගත්තේය. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ උපාධිධාරියකු වන ඔහු වෘත්තියෙන් මාතර, කොටුවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥයකු ලෙසත් ප්‍රජා සේවයට හා තරුණ සංවර්ධනයට දැක්වූ කැපවීම වෙනුවෙන් ඇගැයීමට ලක් වූවෙකි.

ඩේවිඩ් හේවාපතිරණ හා කේසරී නානායක්කාර යන අයගේ සිව්වන දරුවා වන නීතිඥ, චින්තක දර්ශන මහතා ප්‍රාථමික අධ්‍යාපනය කිරින්ද ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයෙන් ද ද්විතීයික අධ්‍යාපනය පුහුල්වැල්ල ජාතික පාසලෙන් හා මාතර සාන්ත තෝමස් කුමර විද්‍යාලයෙන් ද ලබා තිබේ.

Leave a Reply

Your email address will not be published.