අරලියගහ මන්දිරය අසල මාර්ගයේ ආරක්ෂක කුටි ඉවත් කරයි  

අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය යළි මහජනතාව සඳහා විවෘත කිරීමත් සමග, එම මාර්ගය දෙපස තිබූ ආරක්ෂක කුටි කොළඹ මහ නගරසභාව විසින් අද (11) ඉවත් කළේය.

මෙම මාර්ගය ආරක්ෂක හේතූන් මත 2005 වසරේ වසර 19ක කාලයක් වසා දමා තිබුණි.

ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රවේශ වීමට නොහැකිව තිබූ මෙම මාර්ගය වත්මන් ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව යළි විවෘත කරන ලෙස නව රජය උපදෙස් ලබා දුන්නේය.

Leave a Reply

Your email address will not be published.