ගංවතුර අවදානමක් ගැන අනතුරු අඟවයි

ඉදිරි පැය 48ක කාලය තුළ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක,දොම්පෙ, හෝමාගම, කඩුවෙල, බියගම , කොළොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.කැලණි ගග ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ඉහත සඳහන් කැලණි ගංගා නිම්නයේ පහත් බිම් ප්‍රදේශ වලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව අනතුරු අඟවයි.

Leave a Reply

Your email address will not be published.