නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (01) සවස 06.50ට පමණ මෙම අනතුර සිදුව ඇත.
වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇතැයිද වාර්තා වේ.