නාරාහේන්පිට ඝාතනය – 6කට මරණ දඬුවම

2016 ජූලි 20 වැනිදා දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් දුරදිග ගෙන ගොස් පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීම හා කාන්තාවක ඇතුළු පස්දෙනකු කපා කොටා බරපතළ කැපුම් තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 10කට වරදකරු කරනු ලැබූ පුද්ගලයන් හය දෙනකුට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (29 දා) මරණීය දණ්ඩනය නියම කළේය.

නාරාහේන්පිට උද්‍යානපුර ප්‍රදේශයේදී මංජුල මහේෂ් ජයතිලක නමැත්තා ඝාතනය කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුවක් විභාග කළ විනිසුරුවරයා පිච්චෙයි වරුණ සම්පත්, අන්තෝනි මුත්තු, නැපෝලියන් පීටර් කෲස්, සුන්දර රාජා ප්‍රදීප් කුමාර්, සුන්දර රාජා ගනේෂ් කුමාර්, සුන්දර රාජා ශාන්ත කුමාර් හෙවත් සුජීව හෙවත් සුජී හා කේ. සුරාජ් මධුශංක යන හයදෙනාට එලෙස මරණීය දණ්ඩනය නියම කළේය.

නීතිපතිවරයා විසින් එකී විත්තිකරුවන් හයදෙනා ඇතුළු අටදෙනකුට එරෙහිව එම නඩුව පවරා තිබූ අතර නඩු විභාගය අතරතුරදී ඉන් දෙදෙනකු මියයෑම නිසා සෙසු හයදෙනාට එරෙහිව නඩු විභාගය පැවැත්විණි. රජයේ අධිනීතිඥ ලීෂාන් රත්නායක මහතා නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය විය.

Leave a Reply

Your email address will not be published.