පාලන මිල කඩ කළ සහල් වෙළෙඳසල් 50කට අධිකාරියෙන් නඩු

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, සහල් සඟවා තැබීම යන චෝදනා යටතේ වෙළෙඳසල් 50ක හිමිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා ඊයේ (11දා) පැවසීය.

ඔවුන් සියලු දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කරන වෙළෙඳසල් සොයා රටපුරා ආරම්භ කළ මෙහෙයුම්වලදී දින දෙකක් තුළ වෙළෙඳසල් දහසකට අධික සංඛ්‍යාවක් පරීක්‍ෂාවට ලක් කළ බවද හෙතෙම පැවසීය.

මෙම මෙහෙයුම් අඛණ්ඩව සිදුකෙරෙන බවත් ඒ සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලවල නිලධාරීන් ද යොදවා ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published.