හිටපු CCD අධ්‍යක්ෂ රිමාන්ඩ් 

අත්අඩංගුවට ගත් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල්ද සිල්වා මහතා ලබන 20 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට රත්නපුර මහෙස්ත්‍රාත් සමන් ඩී. කේ. බරණලියනගේ මහතා අද (13) නියෝග කළේය .

රුපියල් කෝටි 14ක් වටිනා මැණික්, වාහන ඇතුළු දේපොළ තොගයක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන සිද්ධියක් ගැන කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව එම දේපොළ ඒක පාර්ශ්විකව පැමිණිලිකරුට ලබාදිම සම්බන්ධයෙන් ඔහුව පසුගියදා අත්අඩංගුවට ගැනුණි. 

අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුව විසින් සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගෙන රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

2023 වසරේ අගෝස්තු 2 වනදා කුරුවිට මැණික් ව්‍යාපාරිකයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඔහුට අයත් රුපියල් කෝටි 14ක් පමණ වටිනා දේපොළ බලහත්කාරයෙන් ලබාගත් බවට පැමිණිල්ලක් කර තිබු බව සඳහන් ය.

එම පැමිණිල්ලට අනුව සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා ඒක පාර්ශ්වික ලෙස කටයුතු කර ඇතැයි අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවේ මහජන පැම්ණිලි අංශයට ලද පැමිණිල්ලක් අනුව සහකාර පොලිස් අධිකාරිවරයාව අත්අඩංගුවට ගෙන රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිය.

ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා විවෘත අධිකරණයයේදි සඳහන් කළේ  නිසි විමර්ශනයකින් තොරව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published.