තලෙයිමන්නාරමේදී වයස අවුරුදු 10ක දැරියකට අතවරකොට මරාදමා පලාගොස් සිටි සැකකරුවා මාස හයකට පමණ පසුව ත්‍රිකුණාමළය කුච්චවේලී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඉකුත් 16 දා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාර දී තිබේ.
2024 පෙබරවාරී 15 වෙනිදා තලෙයිමන්නාරම ඌර්මානෙයි ගම්මානයේදී දස හැවිරිදි දැරිය රවටා ගෙන ගොස් ඇයව දූෂණය කොට මරා දමා තිබුණේ අවුරුදු 55 ක් වයස ඇගේ බාප්පා වන කෙනකු විසිනි.
දැරියව දූෂණය කිරීමෙන් පසුව සැකකරු දැරියගේ ගෙළ මිරිකා මරා මළසිරුර අසල වූ කැළයකට දමා තිබියදී පොලීසිය විසින් දින දෙකකට පසුව සොයා ගන්නා ලදී.
අදාළ සැකකරු මීට පෙර තලෙයිමන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මන්නාරම අධිකරණය වෙත රැගෙන ආ අවස්ථාවේදී ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ග්‍රහනයෙන් මිදී පලා ගොස් තිබුණි. පසුව ඔහු ත්‍රිකුණාමළයේ කුච්චවේලී ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තලෙයිමන්නාරම පොලිසියට භාරදීමෙන් පසුව මන්නාරම අධිකරණය වෙත සැකකරුව ඉදිරිපත් කොට තිබේ.
සැකකරුව ලබන 26 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මන්නාරම මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.