සහල් ආනයනයට ලබාදුන් කාලය දීර්ඝ කරයි

මෙරටට සහල් ආනයනය සඳහා ලබාදුන් කාලය ලබන මස 10 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව වෙළෙද අමාත්‍යංශය සදහන් කරයි.

කෙසේවෙතත් සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබාදී තිබුණු කාලය අදින් අවසන් වීමට නියමිතව තිබුණි.

මේ අනුව සහල් ආනයනය කිරීම සඳහා ලබාදී ඇති කාල සීමාව දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.

මේ අතර, පෞද්ගලික ආනයනකරුවන් විසින් ඇණවුම් කළ සහල් මෙට්‍රික් ටොන් 35600 ක් මේ වනවිට දිවයිනට ලැබී ඇති බව රේගුව පවසයි.

Leave a Reply

Your email address will not be published.