කිඹුල් ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

උළුක්කුලම, පාවක්කුලම ප්‍රදේශයේ කිඹුලෙකු සපා කෑමෙන් කාන්තාවක් මියගොස් තිබේ.

ඊයේ (21) උදෑසන කාලයේදී  එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 67 ක් වූ පුදුකුඩුමනේ, සුඩුවේන්ද්‍රපිලව් ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මරණකාරිය ගවයන් රැගෙන යමින් සිටියදී ඇලක සිටි කිඹුලෙකු සපා කෑමෙන් මෙම මරණය සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

උළුක්කුලම පොලිසිය වැඩිදුර විමර්ශනය කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published.