බිරිඳට තියුණු ආයුධයකින් පහරදී සැමියා සියදිවි නසාගනී

මොරටුව, ඉඳිබැද්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකු සිය බිරිඳට තියුණු ආයුධයකින් පහරදී සියදිවි හානිකරගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ 56 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවය.

අදාළ පුද්ගලයා ඊයේ පස්වරුවේ සිය බිරිඳට තියුණු ආයුධයකින් පහරදී නිවස තුළ ගෙලවැලලාගෙන මියගොස් ඇති බව සඳහන්.

තුවාල ලැබූ කාන්තාව පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය සඳහන් කළේය.

අදාළ සිදුවීමට පෙර ඔහු විසින් නිවසට යාබද ස්ථානයක සිටි පුද්ගලයෙකුට ද තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර තිබේ.

පහරකෑමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කලක සිට පැවති ආරවුලක් එම පහරදීමට හේතුවී ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published.