නීතිවිරෝධීව ගුවනින් මත්ද්‍රව්‍ය ගෙන ආ විදේශිකයෙකු අල්ලයි

නීතිවිරෝධි ලෙස මෙරටට කුෂ් නැමැති මත්ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (23) දහවල් කාලයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ කටුනායක ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදි මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 34ක් වූ රුසියානු ජාතිකයෙකි.

සැකකරු සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලො 1යි ග්‍රෑම් 50ක් ද කාර්යංශ නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.