පාකිස්තානයෙන් ඇෆ්ගනිස්තානයට ගුවන් ප්‍රහාර

පාකිස්තානය ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාර වලින් මේ වන විට පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් තිබේ.

තලෙයිබාන් සංවිධානය විසින් මේ බව නිවේදනය කර ඇත.

ඔවුන් පවසා ඇත්තේ මියගොස් සිටින පිරිස අතරින් වැඩි පිරිසක් දරුවන් සහ කාන්තාවන් බවය.

තලෙයිබාන් ත්‍රස්තයින් සැඟවී සිටින බවට සැක කෙරෙන ස්ථාන වෙත පාකිස්තානය මෙලෙස ගුවන් ප්‍රහාර එල්ලකර තිබුණි.

ඒ අනුව නත්තල් උදාව මැද ඇෆ්ගනිස්තානයේ ගම්මාන කිහිපයක් ඉලක්ක කරගනිමින් පාකිස්තානය ගුවන් ප්‍රහාර මාලාව එල්ල කර තිබුණි.

පාකිස්තානයේ මෙම ප්‍රහාරවලට නිසැකවම ප්‍රතිචාර දක්වන බව තලෙයිබාන් සංවිධානය අනතුරු අඟවා ඇත.

Leave a Reply

Your email address will not be published.